සාර්ථකත්ව සටහන්

elite package border
WhatsApp Image 2023 06 08 at 00.33.18

සරණි සහ අමල්

ශ්‍රී සෞභාග්‍යයා මංගල සේවය යුවලකගේ ආත්මගත එක්තුව දැකීමට ඉමහත් අභිප්‍රායෙන් සිටී.අපගේ සේවාව හරහා සරණි හා අමල් ඔවුන්ගේ පරිපූර්ණ ගැලපීම සොයාගිය සාර්ථක කතාව අප ඔබ හා බෙදා ගනිමු.සරණි දක්ෂ තරුණියක්.ඇයගේ වටිනාකම්,අරමුණු හා අභිලාෂයන් සමඟින් ජීවිතය බෙදා ගැනීමට සුදුසු සහකරුවකු සොයමින් සිටියාය.අවංක හා ධෛර්යමත් තරුණයකු වූ අමල් සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ අභිලාෂයෙන් සුදුසු ජීවන සහකාරියක් අපේක්ෂාවෙන් සිටියේය.ශ්‍රී සෞභාග්‍යයා මංගල සේවයේ විශිෂ්ට සහයෝගය තුළින් ඔවුන් දෙදෙනාගේ බලාපොරොත්තු 100% ක්ම සඵල කිරීමට හැකියාව ලැබුණු බව සතුටින් ප්‍රකාශ කරන්නෙමු.අපගේ පුළුල් පරාසයක දත්ත සමුදාය සහ පුද්ගලානුරූපී ගැළපීම් ක්‍රමවේදය හරහා සරණි සහ අමල්ගේ අභිරුචියන් හා අභිලාෂයන් වෙන් වෙන් ව ඉතා හොඳින් හා විශ්ලේෂණය කළෙමු.අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ අවශ්‍යතා අවබෝධ කරගැනීමට උනන්දුවෙන් ක්‍රියා කළ අතර ප්‍රීතිමත්,සදාකාලික ජීවන ගමනක් සඳහා පරිපූර්ණතම ගැලපීම සොයා දීමට උත්සාහ කළෙමු.ශ්‍රී සෞභාග්‍යා මංගල සේවය විසින් සපයන ලද තොරතුරු හා මගපෙන්වීම තුළින් ඔවුන්ට ඔවුන්ගේ අභිලාෂයන් එකිනෙකට ඉතාමත් පරිපූර්ණ අන්දමින් ගැළපෙන බව ආරම්භයේ සිටම පැහැදිලි වුණි.අප කණ්ඩායමේ සහාය ඇතිව ඔවුන් එකිනෙකා හඳුනා ගනිමින් ජීවිතයේ සුන්දර ගමනක් ආරම්භ කළෝය.අද සරණි හා අමල් ශ්‍රී සෞභාග්‍යයා විවාහ මංගල සේවයේ සාර්ථකත්වයට තවත් එක් සාක්ෂියක් ලෙස පෙනී සිටිති.සරණි හා අමල්ගේ සිහින සැබෑ කරමින් ඔවුන්ගේ විවාහය දක්වා ගිය ගමන් මගේ සැලකිය යුතු සුවිශේෂී කාර්යභාරයක් සාර්ථකව ඉටු කිරීමට සමත් වීම පිළිබඳව අප සතුටට පත්වන්නෙමු.සරණි හා අමල් ඔවුන්ගේ ආත්මගත බැඳීම හා පරිපූර්ණ ගැලපීම සොයා ගැනීම පිළිබඳව අප සුභාශිංශන එක් කරන අතර ප්‍රීතිය,විශ්වාසය හා එකමුතු බව ජීවිත ගමනේ සදාකල්හිම ප්‍රාර්ථනා කරන්නමු. ආදරණීය යුවලවල් දහස්ගණනකට ඔවුන්ගේ දිවියේ ජයග්‍රාහී කතාව මෙලෙස නිර්මාණය කිරීමට උපකාරී කිරීම සඳහා අප සේවාව බැඳී සිටින්නෙමු.
 
-
 
-
 
-
 
-
 
-
success2

මන්දාකිණි හා සමිත

තවත් ආදරණීය යුවලක් ඔවුන්ගේ පරිපූර්ණ ගැලපීම සොයාගත් සාර්ථක කතාවයි මේ.

ගුරුවරියක් වූ මන්දාකිණි ඇයගේ වෘත්තිමය අපේක්ෂාවන්ට සහාය වන ජීවන සහකරුවකු සොයමින් සිටියාය.ඒ හා සමානවම සමිත තම වෘත්තියේ අවශ්‍යතා තේරුම් ගන්නා අන් අයට සේවය කිරීමට ඇති කැපවීම අගය කරන ජීවන සහකාරියක් අපේක්ෂාවෙන් සිටියේ ය.ඔවුන්ගේ ආකල්ප හා අවශ්‍යතා හොඳින් අවබෝධ කරගත් අප කණ්ඩායම ඔවුන්ගේ ජීවිතයට පරිපූර්ණතම ගැලපීමක් ලබා දීමට සමත් විය.ඔවුන්ගේ වෘත්තීමය කාර්යබහුලත්වය නිසාවෙන්ම මන්දාකිණි හා සමිත යන දෙදෙනාටම සමස්ත ක්‍රියාවලිය පුරාවටම අපගේ මැදිහත්වීම හා සහයෝගය නිරන්තරයෙන් ලබාදීමට අප කටයුතු කළෙමු.මන්දාකිණි හා සමිත ඔවුනොවුන් හඳුනා ගැනීමෙන් පසු ඔවුන් සැබැවින්ම ජීවන සහකරුවන් වීමට අදහස් කරන බව වටහා ගත්හ.අද මන්දාකිණි හා සමිත ශ්‍රී සෞභාග්‍යා මංගල සේවයේ සාර්ථකත්වයට තවත් එක් සාක්ෂියක් ලෙස හඳුන්වා දීමට හැක.ඔවුන් දෙදෙනාගේ ආදරණීය බැඳීමට අප සුභ පැතුම් එක් කරන අතර ඔවුන්ට මෙන්ම ජීවන සහකරුවකු/සහකාරියක අපේක්ෂාවෙන් සිටින ඔබට ඔබගේ පරිපූර්ණ ගැලපීම් සොයා දීමට අප නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු.

-

-

-

-

-

-

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
si_LKසිංහල
× WhatsApp