si srisaubaghya blue

ශ්‍රී සෞභාග්‍යයා මංගල සේවයට ඔබව සාදරයෙන් පිළිගනිමු-සදාකාලික බැඳීමක රහස

වර්ශ 1970දී ආරම්භ කරන ලද පරම්පරා තුනක් සමඟින් පැවත එනශ්‍රී සෞභාග්‍යා ​​විවාහ මංගල සේවය ශ්‍රී ලංකාවේ ස්ථාපනය වී ඇති ඇතිශය විශ්වාසනීය විවාහ සේවාවක් වන අතර, සතුටින් සදාකල් දිවි ගෙවිය හැකි ආදරණීය යුවල එක්හාසු කිරීම අපගේ මූලික පරමාර්ථයයි.

අපගේ දැක්ම

elite package border

ශ්‍රී සෞභාග්‍යා මංගල සේවයේ දැක්ම වන්නේ සේවාදායකයින් සඳහා දිගුකල් පවතින සාර්ථක සහ පරිපූර්ණ ගැළපීම් සොයා දීමයි.

අපගේ මෙහෙවර

elite package border

අපගේ සේවාදායකයන්ගේ අවශ්‍යතා 100% ක් සපුරාලන ආකාරයට ඔවුන්ට වඩාත් පහසු කාර්යක්ෂම ක්‍රමවේදයක් ඔස්සේ සාර්ථක ගැලපීමක් ලබාදීමට කැපවීමෙන් ක්‍රියා කිරීමයි

අපගේ සේවාවේ ඇති විශ්වාසවන්තභාවය

elite package border

අපගේ සේවාවේ මූලික පදනම මෙන්ම මූලික හරය වන්නේ විශ්වාසයයි.අපගේ කාර්ය මණ්ඩලය සේවාදායකයින්ගේ අපේක්ෂාවන් පිළිබඳ මනා වූ අවබෝධයෙන් කටයුතු කරන අතර සෑම විටම සුහදශීලීව හා සමීපව කටයුතු කරයි.අපේක්ෂාකරන පරිපූර්ණ ගැලපීම කාලෝචිත ලෙස සහ වඩාත් කාර්යක්ෂම ලෙස තෝරා දීමට අප නිරන්තරයෙන් කැප වී සිටින අතර ඔබගේ විශ්වාසය සුරැකෙන ලෙස කටයුතු කරන බව සහතික කරමු

සාම්ප්‍රදායික ගැලපීමෙන් ඔබ්බට යාම

elite package border

ගතානුගතික සම්ප්‍රදායික ගැළපීම් ක්‍රමයෙන් ඔබ්බට ගොස් නවීන ක්‍රමෝපායන් හා එක් වූ පරිපූර්ණ ගැලපීමක් ඔබට ලබාදීම අපගේ අරමුණයි.ශ්‍රී ලාංකික සම්ප්‍රදායන් හා සිරිත් විරිත් වල වැදගත්කම හොඳින් අවබෝධ කර සිටින අප කාර්ය මණ්ඩලය ඔබට විශ්වාසවන්ත උසස් සේවාවක් ලබා දෙන්නෙමු

පුද්ගලානුබද්ධ සේවාව

elite package border

අනෙකුත් විවාහ මංගල සේවා මෙන් නොව සේවාදායකයින් හා ඔවුන්ගේ පවුල් සමඟ අප පුද්ගලිකව සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ සමාජ,ආර්ථික හා අධ්‍යාපනික පසුබිම පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ලබා ගනිමු.එම අවබෝධය තුළින් ඔබට සාර්ථක ගැලපීමක් තෝරා දීමේ හැකියාව අප සේවාව සතුවේ.

සාර්ථක පුද්ගල ගැළපීම් සහ කැපී පෙනෙන ප්‍රතිඵල

elite package border

ඡායාරූපයක් සමග ඔබේ දියණියගේ හෝ පුතාගේ තොරතුරු අප වෙත එවන්න. වඩාත්ම සුදුසු යෝජනා සමගින් විශිෂ්ට ගැළපීමක් අත්විඳින්න. ඔබට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට නිරන්තරයෙන් අප කණ්ඩායම කැපවී සිටිමු. අපගේ සේවාවන් තුළින් පරිපූර්ණ ගැලපීමක් සඳහා ඔබට මග පෙන්වන්නමු.

අපගේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා

31

රන්දික අමරසිංහ

සාම විනිසුරු, ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික)

ශ්‍රී සෞභාග්‍යයා විවාහ මංගල සේවයේ නිර්මාතෘ පීටර් සිංඤො ආරච්චි මහතාගේ මුණුපුරා වන රන්දික අමරසිංහ මහතා මෙම සංවිධානයේ විශිෂ්ටතම පෙරගමන්කරුවා වේ.තම මවගෙන් ලැබුණු වසර ගණනාවක ව්‍යාපාරික දැනුම සමග ඔහු පවුලේ ව්‍යාපාරික උරුමය ඉදිරියටයට ගෙන යන අතර ශ්‍රී සෞභාග්‍යයා විවාහ මංගල සේවය දිවයිනේ කීර්තිමත්ම සන්නාමයක් බවට පත්කිරීමට නායකත්වය දී කටයුතු කරයි.

රන්දික අමරසිංහ මහතාගේ කළමණාකරන කුසලතාවය,වසර ගණනාවක අත්දැකීම් සහ වෘත්තිය දැනුම ශ්‍රී ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සාර්ථකත්වයක් සනිටුහන් කරගැනීමට ඉවහල් වී ඇත.

ලුතිනන් කමාන්ඩර්වරයෙකු ලෙස ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ වසර 20ක කීර්තිමත් වෘත්තීය දිවිය සිය කුසලතා හා සුදුසුකම් මගින් තවදුරටත් ඔප්නංවාගෙන ඇත.

  • ශ්‍රී ලංකා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ශිෂ්‍යභට පුහුණු පාඨමාලාව අවසන් කිරීම
  • නාවික හා සමුද්‍ර විද්‍යාපීඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව සම්පූර්ණ කිරීම
  • ඉන්දියාවේ ගෝවා හි INS Mandovi හි ලුතිනන් අවි පාඨමාලාව සම්පූර්ණ කිරීම
  • ශ්‍රී ලංකා නාවික හා සාගරික විද්‍යාපීඨයේ කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව අවසන් කිරීම
  • ශ්‍රී ලංකාවේ RFPO හි ඇඟිලි සළකුණු පාඨමාලාව අවසන් කිරීම
  • දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීමේ හැකියාවන් ශක්තිමත් කිරීම පිළිබඳ අධිකරණ වෛද්‍ය පුහුණුව අවසන් කිරීම
  • අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා පරිගණක පාදක පුහුණු (CBT) වැඩසටහන සම්පූර්ණ කිරීම
  • ඉන්දියාවේ ගෝවාහි නාවික පොලිස් සහ නියාමක පාසලෙන් නාවික පොලිස් විශේෂතා පාඨමාලාව සම්පූර්ණ කිරීම (Lt-At -Arms Course) (ජූලි 2010 - මාර්තු 2011)


අධ්‍යයන ජයග්‍රහණ:

  • කැලණිය විශ්වවිද්‍යාලයේ නාවික අධ්‍යයන උපාධිය සාර්ථකව නිම කිරීම (ජුනි 2002 - දෙසැම්බර් 2005)
  • ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘති කළමනාකරණ පාඨමාලාව සාර්ථකව නිම කිරීම (2018)
  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව සාර්ථකව නිම කිරීම (2010)
  • ජාතික වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය ආයතනයේ (2020-2021) වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව සාර්ථකව නිම කිරීම
  • උපදේශනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කිරීම (2016)
  • ඉන්දියාවේ නවදිල්ලියේ අපරාධ විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික ආයතනයේ අපරාධ විද්‍යාව සහ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කිරීම
  • එංගලන්තයේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්ව විද්‍යාලයේ ඩිජිටල් අපරාධ සහ ඩිජිටල් අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විමර්ශනයේ හොඳම පරිචය සාර්ථකව නිම කිරීම

සිය වෘත්තීය දිවියේ ලද අත්දැකීම් හා නිපුණත්වය තුළින් සේවාදායකයින්ගේ පසුබිම,සමාජ තත්වය,ආර්ථික තත්වය මෙන්ම අධ්‍යාපනික පසුබිම ඉතා නිවැරදිව අවබෝධ කිරීමේ හැකියාව ඔහු සතු වේ.මිතුරන් ඥාතීන් හා පවුලේ සාමාජිකයන් සඳහා සාර්ථක විවාහ ගැලපීම් සිදුකර ඇති ඔහු එය වෘත්තීය විවාහ සේවාවක් බවට හැඩගැස්වීමට පෙළඹුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවාහ මංගල සේවය වන ශ්‍රී සෞභාග්‍යයා විවාහ මංගල සේවය ස්ථාපිත කිරීමේ මූලික අඩිතාලම එසේ සිදුවිය.අද වන විට ප්‍රවීණ හා අත්දැකීම් බහුල කාර්යමණ්ඩලයක් ඔහු සතු වේ.විශ්වාසවන්ත හා පරිපූර්ණ විවාහ ගැලපීමක් අපේක්ෂාවෙන් සිටින ඔබට ශ්‍රී සෞභාග්‍යයා විවාහ මංගල සේවාව හොඳම තෝතැන්නයි.

Ellipsesdf 1 copy

සඳමාලි නාරන්දෙණිය

BA (ගෞරව), රුහුණු විශ්වවිද්‍යාලය

සඳමාලි මහත්මිය රජයේ උපාධිධාරී පාසල් ගුරුවරියක් ලෙස වෘත්තියෙහි නියැලී සිටි අතර ජෝතිෂ්‍යවේදය සහ ගැලපුම්කරණය පිළිබඳ හසල දැනුමකිද යුක්ත වේ.විවාහ මංගල සේවාවන් පිළිබඳ ඇති ගැඹුරු අවබෝධය සහ ජෝතිෂවේදය පිළිබඳව ඇති දැනුම තුළින් ශ්‍රී සෞභාග්‍යයා මංගල සේවාවට සුවිශේෂී දායකත්වයක් සහ වටිනාකමක් එක් කිරීමට ඇය සමත් වී ඇත. ඇයගේ සුවිශේෂී කළමනාකරණ කුසලතා ආයතනයේ දියුණුව කෙරෙහි විශේෂයෙන් බලපා ඇති අතර සේවාදායකයින් සඳහා පරිපූර්ණ සාර්ථක ගැළපීමක් තුළින් විශ්වාසවන්ත හා ප්‍රීතිමත් විවාහ දිවියක් උරුම කරදීම ඇයගේ අභිප්‍රායයි.

-


"අපගේ සේවාදායකයින් සඳහා සදාකාලික ප්‍රීතිමත් විවාහ දිවියක් උරුම කරදීම අපගේ තෘප්තියයි"

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
si_LKසිංහල
× WhatsApp