ලග්නය අනුව ලැබෙන සහකරු සහකාරිය

මේෂ ලග්නය

මෙම ලග්නයෙන් උපන් අයගේ හත්වැන්න තුලා රාශිය බැවින් එය පාපී ග්‍රහයන්ගෙන් තොරව සිකුරු සිටීද සිකුරුට 7 වැන්න පෙනේද ලැබෙන සහකරු හෝ සහකාරිය කඩවසම් පෙනුමෙන් යුතු බෙල්ල තරමක් දිගැති කෙනෙකි. සංගීත ශාස්ත්‍රයට ඇල්මක් ඇති දුටුවන් ප්‍රිය කරන, යහපත් ලෙස කතා කරන සමාජ සේවයට ළැදි කෙනෙකි. රජයේ තනතුරු, වෙළෙ¼දාම් ජීවනෝපාය කරගත් නෑයන්ටත් ප්‍රධානියෙක් වූ ශාන්ත ගති පැවැතුම්වලින් යුත් සහකරුවකු හිමි වේ.

වෘෂභ ලග්නය

වෘෂභයෙන් උපන් අයගේ හත්වැන්න සුබ ග්‍රහයන්ගෙන් තොරව කුජ සිටීම හෝ කුජට පෙනීම, තලෙළු පැහැයෙන් යුතු ජලයට ප්‍රිය කරන, සීතල උසුලන,සෙම් බහුල ශරීරයකින් යුතු කෙනෙකි.

ඇවිදීමට දක්ෂ හොඳ නුවණක් ඇති කෙනෙක්. රජයේ තනතුරුවලට වාසනාව ඇත. වෙළෙ¼දාමින් හෝ වංකකමින් ධනය උපයනු ඇත. ඇතැම් විට තද හිතක් ඇති කෙනකු විය හැකිය.

මිථුන ලග්නය

මිථුන ලග්නයේ හත්වැන්න පාපීන්ගෙන් තොරව ගුරු සිටීම හෝ ගුරුට පෙනීම රන්වන් පැහැයට හුරු කඩවසම් ශරීරයකින් යුත් දිගැටි මුහුණකින් යුක්ත පළල් උරහිස් ඇති සහකරු හෝ සහකාරිය වෙයි. ශාස්ත්‍රීය කටයුතුවලට පොත් පත් ලිපි ලේඛනවලට බර, බුද්ධිමත්, ආගමට දහමට ළැදි අවංක ගුණ ධර්මයෙන් පිරිපුන්, රාජ්‍ය තනතුරු නිලතල දරන, මහජන ගෞරවයට පත්වන සහකාරයෙක් හෝ සහකාරියක් හිමි වෙයි.

කටක ලග්නය

මෙම ලග්නයේ හත්වැන්න සුබ ග්‍රහයන්ගෙන් තොරව සෙනසුරු සිටින විට හෝ දැක්ම අනුව උස් වූ තරමක් බෙල්ල දිගැති තලෙළු පාටින් යුතු සහකරුවෙක් වේ.

පොදු කටයුතුවලට ළැදි වෙහෙස මහන්සි වී වැඩ කරන අන්සතු ධනය ගැන නිතර සිතන නිතරම පළාතේ ප්‍රධානියෙක් වන්නට ඕනෑ යැයි සිතන කෙනෙක් සහකරු හෝ සහකාරිය වෙයි.

සිංහ ලග්නය

මේ ලග්නයේ හත්වැන්න කුම්භයයි. මෙහි ශනි සිටීම හෝ පෙනීම අනුව කළු පැහැ ශරීරයක් ඇති වාතාධික ශරීරයක් හිමි, පිරුණු මුහුණකින් යුක්ත කෙනෙකි.

භූමිය ආශි්‍රතව කරන කටයුතුවලින් ධනය උපයන තරමක් හිතුවක්කාරකමක් ඇති සහකරු හෝ සහකාරිය වෙයි.

කන්‍යා ලග්නය

කන්‍යාවේ 7 වැන්න මීනයයි. මෙහි ගුරු සිටීම හා පෙනීම අනුව මධ්‍යම ප්‍රමාණයේ සුදු පැහැයෙන් යුතු කඩවසම් ශරීරයකින් යුතු දුඹුරු ඇස් ඇති, ගුණවත් පින්වත්, රාජ්‍ය අංශයේ තනතුරු හිමි කෙනෙකි.

පොත පත දැනුම ඇති ශාස්ත්‍රීය

කටයුතුවලට වඩාත් නැඹුරු සමාජ ගෞරවයට පත් වන සහකරුවකු හමුවේ.

තුලා ලග්නය

තුලාවේ හත්වැන්න මේෂ රාශිය බැවින් එහි කුජ සිටීම හෝ දැකීම අනුව රන් පැහැ වර්ණයෙන් යුතු ශරීරයක් හිමි දීප්තිමත් රතුවන් ඇස් ඇති වකුටු හිසකෙස් සහිත කඩිසරව ගමන් කරන කෙනෙකි. ඕනෑම දේකට නොබියව ඉදිරිපත් වන තරමක් මුරණ්ඩුකමක් ඇති රාජ්‍ය තනතුරු වාසනා ලැබී රට, ජාතිය ආගම ගැන ළැදියාව සහිත සහකරුවකු හෝ සහකාරියකි.

වෘශ්චික ලග්නය

මේ ලග්නයේ හත්වැන්න වෘෂභයයි. සිකුරු සිටීම හෝ පෙනීම අනුව ඔහුට හෝ ඇයට හිමිවන සහකරු සම්පූර්ණව වැඩුණු, සුදු පැහැ ශරීරයකින් යුක්ත කලාවට මහත් ළැදියාවැති කෙනෙකි. ස්ථිර අදහස්වලින් යුක්ත ධාර්මික ලෙස ව්‍යාපාර කළ හැකි කාගෙත් සිත් දිනා ගෙන කටයුතු කරන ගුණවත් සහකරුවකු හෝ සහකාරියක වෙයි.

ධනු ලග්නය

ධනුවේ හත්වැන්න වූ මිථුන රාශියේ බුධ සිටීම හෝ පෙනීම අනුව තලෙළු පැහැයෙන් යුතු උස් වූ ශරීරයක් ඇති තාලයකට ගමන් කරන වටකුරු ඇස් ඇති කෙනෙකි.

උසස් බුද්ධිමත් සංගීතය, නීතිය චිත්‍ර කලාව ගැන දැනීමක් සහිත දන්ත විද්‍යාවන්ගෙන් නිපුණ, කතාවට දක්ෂ, යහපත් ගුණ දහමින් පිරිපුන්, පොත්පත් ලිවීම, ග්‍රන්ථකරණය, ගුරු වෘත්තිය ජීවනෝපාය හිමි කරගත් යහපත් සහකරුවෙක් හෝ සහකාරියක් හිමිවේ.

මකර ලග්නය

මකරයේ හත්වැන්න කටක රාශියයි. මෙහි රාශි අධිපති සඳු සිටීම හෝ පෙනීම අනුව සුදු පෙනුමක් සහිත සියුමැලි ශරීරයක් ඇති ඉඟටිය මහත් වූ කඩවසම් රූප ශෝභාවක් සහිත කෙනෙක් නිතරම අනුකම්පා සහිත සිතක් ඇති, කීකරු, සම්පත් උපරිමයෙන් සුරකින පලතුරුවලට, ජලයට බොහෝ කැමැති හොඳ බැඳීමකින් යුක්ත සහකරුවෙක් හෝ සහකාරියක් හිමි වෙයි.

කුම්භ ලග්නය

කුම්භයේ හත්වැන්නේ රවි සිටීම හෝ රවිට පෙනීම මත රත් පැහැයෙන් යුතු උසට මහතට සරිලන ශරීරයක් හිමි දීප්තිමත් රතු ඇස් ඇති තේජවන්ත පෙනුමක් සහිත කෙනෙකි. අන් අය වසඟ කර ගන්නට දක්‍ෂ, කඩිසර යහපත් සහකාරයෙක් හෝ සහකාරියක් හිමි වේ.

මීන ලග්නය

මීනයෙන් උපන් අයගේ හත්වැන්න වූ කන්‍යා රාශිය බුධගේ උච්ච රාශියයි. මෙහි බුධ සිටීමත් දැකීමත් අනුව සාමාන්‍ය ශරීරයකින් යුක්ත දිගැටි අත් පා සහිත කඩිසරව ගමන් කරන සහකරුවකු වෙයි.

ඔහු හෝ ඇය බුද්ධිමත්, සමාජ සේවයට ළැදි ඉවසීමෙන් කටයුතු කරන ලිපි ලේඛන හෝ පොත් පත් වැඩවල යෙදෙන ගුරු වෘත්තියට බර කාටත් ගැළපෙන ගුණයෙන් යුක්ත හිමිකාරයෙක් හෝ හිමිකාරියක් ලැබෙයි.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
en_GBEnglish (UK)
× WhatsApp