පොරොන්දම් ගැලපීම

පොරොන්දම් යනු පුද්ගලයන් දෙදෙනෙකු ගේ සිතුම් පැතුම්, චර්යා ආදිය ගැලපේද යන්න ජ්‍යෝතිශ්ෂාස්ත්‍රානුකූලව නිමානය කිරීමයි.

සාමන්‍යයෙන් 50% ට වැඩි ගැලපීමක් පොරොන්දම් ගැලපීමක් ලෙස සලකයි. (එනම් 8 පොරොන්දමෙන් 4 ක් හෝ නැතිනම් 10 පොරොන්දමෙන් 5 ක්  හෝ 20 පොරොන්දමෙන් 10 ක් හෝ අෂ්ට කුටයෙන් ලකුණු 36 න් 18 ක් වශයෙනි )

පොරොන්දම් ගැලපීමේදී බොහෝවිට බලන්නේ චන්ද්‍රයාගේ පිහිටීමයි. ගැලපීම පරීක්ෂා කරන හඳහන් දෙකෙන් පුරුශයාගේ ජන්ම කේන්ද්‍රයෙහි චන්ද්‍රයා පිහිටන නැකත සහ ඊට සාපේක්ශව ස්ත්‍රියගේ ජන්ම කේන්දයෙහි චන්ද්‍රයා පිහිටන නැකත දක්වා ඇති නැකත් ගනන අනුව බොහෝමයක් පොරොන්දම් පදනම් වී ඇත.

පොරොන්දම් විස්ස

නක්‍ෂත්‍ර පොරොන්දම

පුද්ගල සබඳතා, ජීවිත අරමුනු සහ ආකල්ප ගැන කියැවෙයි.අස්විද, බෙරණ ,කැති, රෙහෙන, මුවසිරස ,අද ,පුනාවස පුෂ, අස්ලිස ,මා, පුවපල්, උත්‍රපල්, හත, සිත ,සා ,විසා ,අනුර, දෙට, මූල, පුවසල , උත්‍රසල, සුවන ;දෙනට ;සියාවස පුවපුටුප, උත්‍රපුටුප ,රේවතී යන නැකත් 27 න් ජන්මියා උපන් නැකත පළමු නැකත ලෙස සලකා එම නැකතේ සිට පිළිවෙලින් 2 4 6 8 9 11 13 15 17 18 20 22 24 26 27 යන නැකත් වලට වැටේ නම් ශුභය උදාහරණ ලෙස ස්ත්‍රිය උපන් නැකත අස්විද නම් පුරුෂයා උපන් නැකත පුෂ නැකත නම් අස්විද නැකතේ සිට ගණන් කළ විට පුෂ නැකත 8 වන නැකතයි එසේනම් ශුභය මේ ආකාරයෙන් නැකැත් පොරොන්දම පරික්ෂා කරයි

ගණ පොරොන්දම

පෞර්ෂත්වය, ත්‍යාගශීලී බව, කරුණාව, දැඩි බව ආදිය ගැන කියැවෙයි.

ගණ පොරොන්දම පිළිබඳ විමසා බැලීමේදී,

1. දේව ගණය 2. මනුෂ්‍ය ගණය 3. රාක්‌ෂ ගණය වශයෙන් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් ගණ වර්ග 3ක්‌ පිළිබඳ කතා කරයි. මෙම ගණ පොරොන්දම අපේ යුග දිවියට බලපාන්නේ මෙසේය. එනම්,

දෙදෙනාම එකම ගණයේ නම් ඉතා ශුභයි. ප්‍රීතිය සතුට ඇතිවේ.

දේව – මනුෂ්‍ය ගණ දෙකක නම් මධ්‍යමයි.

දේව – රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි

මනුෂ්‍ය – රාක්‌ෂ ගණ දෙකක නම් අශුභයි

මහේන්ද්‍ර පොරොන්දම

මෙය විවිධ කරුනු ගැන කියන සංයුක්ත පොරොන්දමකි….

ස්‌ත්‍රී උපත් නැකතේ සිට පුරුෂයා උපන් නැකත, 4, 7, 10, 13, 16, 19, 22, 25 යන නැකතක්‌ වී නම් ඉතාම ශුභයි. විවාහයෙන් පසු දරු සැප හා දීර්ඝායුෂ ලැබීමට හේතුයි. 5, 8 ආදී වශයෙන් අන්‍ය නැකතක්‌ වී නම් අශුභයි.

ස්ත්‍රී දීර්ඝ පොරොන්දම

විවාහ දිවිය සාමදානයෙන් ගෙවේද, දබර ඇති වේද යන්න ගැන කියයි.

පෘථග්ජන ස්‌ත්‍රිය හෝ පුරුෂයා අතරින් ස්‌ත්‍රිය වනාහි වඩාත් සතුටට පත්වීමට කැමැත්තක්‌ දක්‌වන්නා වූ පාර්ශ්වයකි. මෙහිදී පුරුෂයාට ස්‌ත්‍රිය සතුටට පත්කර ගැනීමට නොහැකි වීමෙන් විවාහ ජීවිතයේ ගැටලු ඇතිවේ.

ස්‌ත්‍රිය උපන් නැකතේ සිට පුරුෂයාගේ නැකත 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 යන මෙයින් එකකට අසුවේ නම් අශුභයි. එවිට පුරුෂයාට එම ස්‌ත්‍රිය සතුටු කිරීමට නොහැකි වේ. එහිදී ස්‌ත්‍රිය සමඟ ගැටීම්, මතභේද ඇතිවේ.

10, 11, 12, 13 යන මේවායින් එකකට අසුවේ නම් උපක්‍රමයෙන් ස්‌ත්‍රිය සතුටු කිරීමේ හැකියාව ඔහුට ලැබේ.

14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27 යන නැකතකට අසුවේ නම් ඉතාම ශුභයි. ඉක්‌මනින් ස්‌ත්‍රිය සතුටු කිරීමට හැකිවේ. එම හේතුවෙන් එම පවුල් ජීවිතයේ කිරි ඉතිරේ.

යෝනි පොරොන්දම

ජන්ම පුරුදු නිසා ගැටුම් ඇතිවේද යන්න ගැන කියයි.

ලිංගික තෘප්තිය ගැන මින් සලකා බලනු ලැබේ

මෙම යෝනි පොරොන්දම පිළිබඳ ජ්‍යොතිෂයේ කතාබහ කරනුයේ කිසියම් සතෙකුගේ යෝනියක්‌ හා සම්බන්ධ කර ගනිමිනි. අශ්ව යෝනිය, ඇත් යෝනිය, සැපිනි යෝනිය, ගවදෙන යෝනිය ආදී වශයෙන් යෝනි රාශියක්‌ වේ.

අස්විද-අශ්ව බෙරණ-හස්ති කැති-එළු දෙන රෙහෙණ-සර්ප මුවසිරිස-සැපිනි අද-සුනඛ පුනාවස-බළලා පුෂ-එළු අස්ලිස-බැළලී මා-මුෂික පුවපල්-මූෂිකදෙන උත්‍රපල්-ගවදෙන හත-මීදෙන් සිත-ව්‍යාඝ්‍ර සා-මීගව විසා-ව්‍යාඝ්‍ර දෙන් අනුර-මුවදෙන් දෙට-මුව මුල-බැල්ල පුවසල-වැඳිරි උත්‍රසල-මුගටි දෙන සුවන-වඳුරු දෙනට-සිංහ සියාවස-වෙලඹ පුවපුටුප-සිංහදෙන උත්‍රපුටුප-ගොන් රේවතී-ඇතිනි

එකම වර්ගයට අයත් සතෙකුගේ පුරුෂ යෝනි පුරුෂයාටත්, ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියටත් හිමි වී නම් එය ශුභයි. උදාහරණයක්‌ ලෙස පුරුෂයා අශ්ව, ස්‌ත්‍රිය වෙළඹ ද, පුරුෂයා ඇත්, ස්‌ත්‍රිය ඇතිනි ද ආදී වශයෙනි. එලෙසින් ම එළු හා එළුදෙන ද, සර්ප හා සැපිනි ද, බළල් හා බැළලි ද, මූසික හා මූසික දෙන ද, ව්‍යාඝ්‍ර හා ව්‍යාඝ්‍ර දෙන ද, මී ගව හා මී දෙන ද, මුව හා මුව දෙන ද, වඳුරු හා වැඳිරි ද, මුගටියා හා මුගටි දෙන ද, සිංහයා හා සිංහ දෙන ද, ගව හා ගවදෙන ද එකම වර්ගයට අයත් සතුන් දෙදෙනාගේ පුරුෂ යෝනි පුරුෂයාට ද ස්‌ත්‍රී යෝනි ස්‌ත්‍රියට පිහිටීම – ඉතා ශුභ වේ.

එසේ ම එකම වර්ගයේ සතෙකුගේ ස්‌ත්‍රී යෝනිය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාට ම හිමි වී තිබේ නම් එය ද ඉතා ශුභ වේ.

එකම වර්ගයේ සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනිය ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනිය පුරුෂයාටත් හිමි වී තිබේ නම් මධ්‍යම යි.

මෙම යෝනි පොරොන්දම ගැලපීමේ දී වෛර යෝනි වලට හසුවීම තුළින් විවාහ ජීවිතයේ ලිංගිකත්වය නමැති පැතිකඩ ඉතා අසාර්ථක වීමට හේතු වේ. එම නිසා මෙම පොරොන්දම විශේෂයෙන් ම ගැළපිය යුතුම පොරොන්දමකි. අනෙක්‌ පොරොන්දම් ගැළපුනද මෙම පොරොන්දම නොගැළපීම හේතුවෙන් දෙදෙනා ම ඉතා අසහනකාරී තත්ත්වයකට පත්වීමෙන් මානසික පීඩා විඳීම නිසා ජීවිතයේ එක්‌තරා මට්‌ටමක පසුබෑමකට ලක්‌වීමට හේතුවේ.

අන්‍යෝන්‍ය වශයෙන් මහා වෛරයක්‌ පවතින සතුන් ලෙස අශ්ව – මී ගව ද, ඇත් – සිංහ ද, එළු – වඳුරු ද, සර්ප – මුගටි ද, සුනඛ – මුවද, බළල් – මූසික ද, ගව – ව්‍යාඝ්‍ර ද සඳහන් කළ හැක. මෙම යෝනි දෙකක දෙදෙනා ම ඉපිද තිබේ නම් ඉතා අශුභයි.

ඉහත දක්‌වන ලද මහා වෛර යෝනිවලට අසු නොවන සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනියක පුරුෂයා ද, ස්‌ත්‍රී යෝනියක ස්‌ත්‍රිය ඉපිද තිබේ නම් එය ද ශුභයි.

දෙදෙනාම අන්‍යෝන්‍ය විරුද්ධ නැති ස්‌ත්‍රී සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් එයද ශුභයි.

දෙදෙනාම විරුද්ධ නැති පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් මධ්‍යමයි.

දෙදෙනාම වෛර පිරිමි සතුන් දෙදෙනෙකුගේ යෝනිවල ඉපිද තිබේ නම් ඉතාමත් අශුභයි.

එසේම වෛර සතුන් දෙදෙනෙකුගේ පුරුෂ යෝනි ස්‌ත්‍රියටත්, ස්‌ත්‍රී යෝනි පුරුෂයාටත් හිමි වී නම් එයද ඉතාම අශුභයි.

එසේ ම දෙදෙනා ම මහා වෛර ස්‌ත්‍රී යෝනි දෙකක ඉපිද තිබේ නම් එය ද අශුභයි.

රාශි පොරොන්දම

බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ.

මෙහිදී ලග්න දෙකට වඩා ලග්න දෙකේ චන්ද්‍රයා සිටින රාශි දෙක ගැළපීම බැලිය යුතුය.

මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ආදී වශයෙන් ඔබ හොඳින් දන්නා රාශි 12ක්‌ ජ්‍යොතිෂයේ සඳහන් වේ.

මෙම රාශී 12 ස්‌ත්‍රී, පුරුෂ වශයෙන් කොටස්‌ දෙකකි. දෙදෙනාම වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර, මීන යන ස්‌ත්‍රී රාශි වලින් දෙකක්‌ උපන්නේ නම් ශුභයි. ස්‌ත්‍රී රාශියක්‌ ස්‌ත්‍රියට, පුරුෂ රාශියක්‌ පුරුෂයාටත් හිමි වී නම් ශුභයි. පුරුෂ රාශියක්‌ ස්‌ත්‍රියට, ස්‌ත්‍රී රාශියක්‌ පුරුෂයාටත් හිමි වී නම් එහි ශුභ අශුභ බව රචකයා වන මා නොදනී. දෙදෙනා ම පුරුෂ රාශි වීම මධ්‍යමයි.

දෙදෙනාම එකම ලග්න හෝ එකම චන්ද්‍ර රාශි නම් ඉතාම ශුභයි. ස්‌ත්‍රී රාශියෙන් 7 (තුලා), 9 (ධනු), 10 (මකර), 11 (කුම්භ) වැනි රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් එය ද ශුභයි.

ස්‌ත්‍රී රාශියෙන් 3 (මිථුන), 4 (කටක), 8 (වෘශ්චික) 12 (මීන) යන රාශියක්‌ පුරුෂයාට හිමි වී නම් මධ්‍යමයි.

ස්‌ත්‍රී රාශියෙන් 2 (වෘෂභ), 5 (සිංහ) , 6 (කන්‍යා) වැනි රාශියක්‌ පුරුෂයාට වී නම් අශුභයි.

රාශ්‍යාධිපති පොරොන්දම

බාහිර සමාජය සමඟ සබඳතා ගැන කියැවෙයි.මෙම පොරොන්දමේදී රාශිය අදිපති ග්‍රහයන්ගේ සතුරු මිතුරු බව අනුව ශුභ අශුභ තීරණය වෙයි රාශි දොළහට අයත් අදිපතියන් මෙසේය

  • මේෂ වෘශ්චික−කුජ
  • වෘෂභ තුලා−සිකුරු
  • මිථුන කන්‍යා−බුධ
  • කටක−වන්ද්‍රයා
  • සිංහ−රවී
  • ධනූ මීන−ගුරු
  • මකර කුම්භ−ශනි

උදාහරණ ලෙස ස්ත්‍රී උපන් රාශිය මකර වී පුරුෂයා උපන් රාශිය සිංහ වූයේ නම් මකර අදිපති ශනි හා සිංහ අදිපති රවී පරම සතුරන්ය එවිට අශුභය

  • රවීට චන්ද්‍ර කුජ ගුරු මිතුරු වන අතර සිකුරු ශනි රාහු කේතු සතුරුය බුධ සමවේ
  • වන්ද්‍රයාට රවී බුධ මිතුරු වන අතර රාහු කේතු සතුරුය අනෙක් ග්‍රහයෝ සමය
  • කුජට රවී වන්ද්‍ර ගුරු මිතුරු වන අතර බුධ රාහු කේතු සතුරුය සිකුරු ශනි සමවේ
  • බුධට රවී සිකුරු රාහු කේතු මිතුරු වන අතර වන්ද්‍රයා සතුරුය කුජ ගුරු ශනි සමය
  • ගුරුට රවී චන්ද්‍ර කුජ මිතුරු වන අතර බුධ සිකුරු සතුරුය ශනි රාහු කේතු සමය
  • සිකුරුට බුධ ශනි රාහු කේතු මිතුරු වන අතර රවි චන්ද්‍ර සතුරුය කුජ ගුරු සමයි
  • ශනිට බුධ සිකුරු රාහු කේතු මිතුරු වන අතර රවි චන්ද්‍ර සතුරුය කුජ ගුරු සමය

මේ ආකාරයට රාශි අදීපතියන්ගේ සතුරු මිතුරුතා අනුව රාශි අදිපති පොරොන්දමේ සුභ අශුභ භාවය තීරනය වෙයි

වශ්‍ය පොරොන්දම

එකිනෙකා අතර ඇතිවන ගැඹුරු ආලය, ජන්මාන්තරගත ආදරය ගැන කියැවේ.එකිනෙකට වෙශයවන රාශි තිබීම සශභය මෙසේ ගැලෙපන රාශින් මෙසේය

  • මේෂයට සිංහ වෘශ්චික දෙකද
  • වෘෂභයට කටක තුලා දෙකද
  • මිතුනයට කනයාවද
  • කටකයට වෘශ්චික ධනූ දෙකද
  • සිංහයට තුලාවද
  • කනයවට මීන මිතුන දෙකද
  • තුලාවට මකර කනයා දෙකද
  • වෘශ්චිකයට කටක ද
  • ධනූවට මීනයද
  • මකරයට මේෂ කුම්භ දෙකද
  • කුම්භයට මේෂයද
  • මීනයට මකරයද වෙශයවෙයි

එසේම මනුෂය රාශි මනුෂය රාශින්ටද සිවුපා රාශි සිවුපා රාශින්ටද ජලචර රාශි ජලචර රාශින්ටද වනචර රාශි වනචර රාශින්ටද කීට රාශි කීට රාශින්ටද වෙශයවෙයි වෙශයෙව්නම් ශුභය නොවේනම් අශුභය

රජ්ජු පොරොන්දම

මව ගැන කියැවෙයි.මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදනාගේම රජ්ජු එකම නම් අශුභය වෙනස් රජ්ජු නම් ශුභය

පාදඌරුනාභිබාහුශීරෝ
අස්විදබෙරණකැතිරෙහෙණමුවසිරස
මාපුවපල්උත්‍රපල්හතසිත
මූලපුවසලඋත්‍රසලසුවණදෙනට
අස්ලිසපුෂපුනාවසඅද
දෙටඅනුරවිසාසා
රේවතීඋත්‍රපුටුපපුවපුටුපසියාවස

වේධ පොරොන්දම

අඩ දබර ඇතිවේද, නොවේද යන්න ගැන කියයි.ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ නැකැත් දෙක එකිනෙකට වේධ වේනම් අශුභය එකිනෙකට වේද වන නැකැත් මෙසේය අස්විදයට දෙනටයද බෙරණයට අනුරයද කැති නැකතට විසා නැකතද රෙහෙනයට සා නැකතද අදයට සුවනයද පුනාවසයට උතුරුසලයද පුෂයට පුවසලයද අස්ලිසට මූලයද මා නැකතට රේවතී නැකතද පුවපල් නැකතට උත්‍රපුටුපයද උත්‍රපල් නැකතට පුවපුටුපයද හත නැකතට සියාවසයද වේධ වෙයි මීට අමතරව කුජට අයත් සිත මුවසිරස දෙනට නැකත් එකිනෙකට වේධ වේ.

වෘක්ෂ පොරොන්දම

දරු ඵල ගැන කියැවේ.

කිර වෘක්ෂ දෙකක් එකට සම්බන්ධ වේනම් ඉක්මනින් හොද දරැවන් ලැබේ කිරි නැති ගස් දෙකක් නම් දරුවන් හිගවේ

කිරිවෘක්ෂ නැකත්

  • පුෂ−බෝ
  • අස්ලිස−දෙඹ
  • මා−නුග
  • පුවපල්−කෑල
  • උත්‍රපල්−අරලිය
  • දෙට−වැටකේ
  • මූල−ඉඹුල්
  • උත්‍රසල−කොස්
  • සුවණ−වරා
  • පුවපුටුප−මී අඹ
  • රේවතී−මී

ආයුෂ පොරොන්දම

මෙහි ශේෂ දෙකින් වැඩි ශේෂය ඇති අය වැඩිකල් ජීවත්වන බව ද අඩූ ශේෂය ඇති අය අඩූකල් ජීවත්වන බව ද කියැවෙයි. මෙය මෙලෙසින් ප්‍රත්‍යක්ෂ වී ඇත. නැකැත් රාශි, රාශ්‍යාධිපති නාඩි ග්‍රහ ගැළපීම ඇති තැන්වලදී මේ මතය බිඳ වැටී ඇත.

පක්ෂි පොරොන්දම

මයුර කුක්කුට පිංගල කාක හේරුණ්ඩ ආදී පක්ෂි 5ත් වෙයි දෙදනාගේම සතුරු පක්ෂින්ට අයත් නම් අශුභය. උදාහරණ:- පිංගල(බකමූණා)+කාක(කපුටා) මිතුරු පක්ෂින් නම් ශුභය උදාහරණ:- කාක(කපුටා)+කුක්කුට(කුකුළා) මේ අනුව මයුර කුක්කුට හේරුණ්ඩ පක්ෂීන් පිංගල පක්ෂියාට සතුරුය කාක පක්ෂියාට හේරුණ්ඩ පිංගල පක්ෂින් සතුරුය හේරුණ්ඩ පක්ෂියාට පිංගල මයුර කුක්කුට පක්ෂින් සතුරුය

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
en_GBEnglish (UK)
× WhatsApp