චන්ද්‍ර මංගල යෝගය

චන්ද්‍ර මංගල යෝගය යෙදෙනුයේ කුජ,චන්ද්‍ර යන ග්‍රහයන් එක්වීමෙනි.සප්තමව කුජ චන්ද්‍ර සිටීමෙන්ද මෙම යෝගය පිහිටයි.මෙය දියුණු වීමට නම් හොද යෝගයක් ලෙස සැලකේ.කෙසේ නමුත් සුභ අසුභ දෙකම මෙම යෝගය අනුව ක්‍රියාත්මක වේ

      බොහෝවිට මව සමග ගැටුම් ඇතිකරගන්නා යෝගයකි.කේන්දරයේ කුජ හා චන්ද්‍ර සිව්වැන්නේ සිටීම,එසේ නැතිනම් චන්ද්‍රයා හතරේ සිට කුජගේ දෘශ්ටියට ලක්වීමෙන් චන්ද්‍ර මංගල යෝගය සෑදේ.චන්ද්‍ර මංගල යෝගය ඇති දරුවන්ගේ මව්වරු දරුවා නිසා දැඩි පීඩනයට ලක්වේ.ඒ ආදරය වැඩි නිසාවෙනි.ඒත් දරුවාට එය නොතේරේ.ජීවිතයේ යම් දිනක මව සමග ඇති බැදීම කඩවන්නට හේතු කාරණා වන යෝගයක් ලෙස සැලකේ.ශරීරය සෞඛ්‍ය අතින් බලන විට රත්පිත් රෝග,ඌෂ්ණ රෝග මෙම යෝගය ඇති අයට බලපායි.ඉක්මන් කෝපයට පත්කරවන යෝගයකි.මෙම යෝගය හය හා අටවැන්නේ සිටීමෙන් මෙම තත්වය තවදුරටත්  බලපායි.නමුත් යහපත් තැනක මෙම යෝගට යෙදුන විට සුභඵලත් ඇතිකරයි.ග්‍රහයන් දෙදෙනා බලවත් නම් මුලින් කී අසුභ ඵල අඩුකර සුභඵල ඇතිකරයි.එසේ නැතිව මෙම යෝගය දුටු පමණින් අසුභඵල නොකිව යුතුය.මෙම යෝගය සුභඵල ලෙස කේන්ද්‍රයේ හත්වැන්නේ පිහිටීමෙන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට හැකියාවක් ලැබේ.ඉක්මනින් විවාහය සිදුකරගන්නේ මෙවැනි අයයි.කවුරු අකමැති වුවත් තමා ගත් තීරණය වෙනස් නොකර එම කාර්යය ඉටුකර ගනී.හදීසි ධන ලාභ ලැබීම මෙම යෝගය එකොළොස්වැන්නේ පිහිටීම නිසා සිදුවේ.රාහු එකොළොස්වැන්නට පැමිණ ඇත්නම් වැඩිපුර ධන ලාභ ලැබීමේ ක්‍රම වලට යොමු වේ.කේන්ද්‍රයේ 10වැන්නේ මෙම යෝගය පිහිටා ඇත්නම් පියාගෙන් ධනය ලබයි.පියාගේ දියුණු වද ඇතිකරයි.මෙම යෝගය 3වැන්නේ පිහිටා ඇත්නම් බාල සහෝදරයින්ට අපල ඇතිකරයි.බාල සහෝදරයින් නැතිවීමටත් ඉඩ ඇත.කෙසේ නමුත් වික්‍රමශීලි අයෙකි.වැඩ කල් නොදමයි.ඔවුන් දියුණු වේ.දොලොස්වැන්නට මෙම යෝගය යෙදී ඇත්නම් වියදම් වැඩිකරයි.

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
en_GBEnglish (UK)
× WhatsApp