කුජ දෝෂය

කුජ දෝෂය නැතහොත් අංගාර දෝෂය මංගලික දෝෂය යනු කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක ශුභ දෘෂ්ටිවලින් තොරව කුජ සිටීමයි. 
මේ පිළිබඳව ඉන්දීය ජ්‍යොතිර්වේදීන්ට පර්යේෂණ කර අදහස් ඉදිරිපත් කර ඇත. නටරාජන් චෞදි, රාවෝ ඒ අතර ප‍්‍රධානය. ඉහත කුජ දෝෂය යෙදුණත් සක‍්‍රියව කුජ ක‍්‍රියාත්මකවීම ඉතා අඩු බව පෙන්වාදෙන අතර ජ්‍යොතිර්වේදීන්ගේ වැරදි උපදෙස් නිසා සුදුසු කේන්ද්‍රය මගහැරී නුසුදුසු කේන්ද්‍රයක් ගලපාදීම ජීවිත කාලයටම නිවැරදි කර ගැනීමට නොහැකි වැරැද්දක් බව පෙන්වා දෙයි. 

වෘෂභ, කටක, සිංහ, කන්‍යා, මකර, කුම්බ යන රාශිවලින් උපන් අයට කුජ කුමන රාශියේ සිටියත් සක‍්‍රිය බලපෑමක් නැති බව හා සැලකිය යුතු නැති බවකි. මෙහිදී සලකා බලන එක් කේන්ද්‍රයක කුජ දෝෂය ඇත්නම් අනෙක් කේන්ද්‍රයේ කුජ ශනි රාහු කේතු වැනි පාපයෙක් සිටීමෙන් දෝෂ භංග වේ. 
එය 1, 2, 4, 7, 8, 12 රාශිවලය. තවද අනෙක් කේන්ද්‍රයේ කුජ – රාහු එක්ව සිටීම සඳු සිකුරු දෙවැන්නේ සිටීම මකර – කුම්භ රාශිවල ඉපදී කුජ 7 වැන්නේ සිටීම පුරසඳු කුජ සමග යෝගවීම මකර හෝ කටක රාශිය 7 වැන්න වී කුජ සිටීම සිංහ හෝ කුම්භ රාශියක කුජ සිටීම වයස 28 ඉක්මවා සිටීම (දෙදෙනාම) ආදී දෝෂ භංග වන ක‍්‍රම ගණනාවක් ඇති නිසාත් කුජ දෝෂය භංග නොවී තිබුණහොත් විවාහයේ ප‍්‍රශ්න ඇති වන බවත් පැවසේ. කෙසේ වෙතත් කුජ දෝෂය සක‍්‍රියව ක‍්‍රියාත්මකවීම ඉතා අඩු බව කියැවේ. ගුරු ග‍්‍රහයා කුජ දැකීම සහ කුජ – ගුරු යෝග වී සිටීම කුජ දෝෂය උදාසීනවේ යයි ප‍්‍රකාශ වේ. 

© 2023 | Sri Saubhagya Matrimony | All Rights Reserved.
en_GBEnglish (UK)
× WhatsApp